December 3, 2024
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism )

☸️🌷🙏☸️” BLESSED VAP FULL MOON POYA DAY “ ☸️🙏🌷🌼🙏☸️ – 17th Of October 2024( Thursday ) 🌷🌷🌷🌼🌼🌼🌼

17th Of October 2024( Thursday ) 🌷🌷🌷🌼🌼🌼🌼🌷🌷🌼🌼🌼🌼

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින්, ඔවුන් විසින් උපයා සපයා ගත් මුදල් අන්‍යයන්ට වද හිංසා පීඩා කරමින් දරු පවුල් විනාශ කිරීමට ආයෝජනය කරන්නේ වී නම්, ත්‍රිවේදයේ අයහපත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරමින් අන්‍ය දරු පවුල් විනාශ කිරීමට කටයුතු කරන්නේ වී නම්, මෙසේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ සිටියේ වී නම්, අනන්ත වූ බුදු ගුණයන්හි සත්‍යානුභාවයෙන් හා බුද්ධානුභාවයෙන්, ධර්මානුභාවයෙන් හා සංඝානුභාවේයේ සත්‍යානුභාවයෙන් ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. ධම්ම පදය පාප වග්ගය ප්‍රකාර :-
09.10.
යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති – සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං – සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ
අර්ථය :-
කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කව්රුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.
(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා.

එමගින් තුන් ලොවම යහපත් වේවා, සුවපත් වී ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🙏🌍 වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹

🌹☸️🙏🌍‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනයේය. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි.🌍🙏☸️🌹

🌹☸️🙏🌍 ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලයන්ට පත්කර අනතුරුව වප් පොහෝදින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ‍්‍යයේ රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් වප් පොහෝ දිනයේය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍ඒ අසිරිමත් බුදු පෙළහර දුටු සැරියුත් මහරහතන් වහන්සේ සර්වඥයන් වහන්සේට වන්දනා කර මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස මෙවන් අසිරිමත් බුද්ධ ශ්‍රීයක් තමන් වහන්සේ මෙයට පෙර නොදුටු බවත්, ඒ අවස්ථාවේ ගෝතම සමන බුදු රජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අරඹයා දහම් දේශනා කළ විට දෙවියන් ඇතුළු විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික භික්ෂූන් පන්සීයක් පමණ රහත් බවට පත් වූහ.🌍🙏☸️🌹

🌹☸️🙏🌍සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍 මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ‍ද මෙහිදී පැවිදි බව ලබාගෙන ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේගෙන් විවරණ ලබාගත්තේ ද මෙම උතුම් වප් පොහෝ දිනක වේ.🌍🙏☸️🌹

🌹☸️🙏🌍අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හැදෑරීම. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි අරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ථුපාරාමයේ දී විනය පිඨකය සජ්ඣායනා කිරීම අද වැනි පුන් පොහොය දිනක සිදුවිය. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, 🌍🙏☸️🌹

🌹☸️🙏🌍මිහිඳු මහ රතහතන්වහන්සේගේ පරිනිර්වානය ද සිදුවූයේ අද වැනි පුන් පොහොය දිනකය. . 🌍🙏☸️🌹

දහම් ලිපිය :-
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
උපුටා ගැනීම :-
https://www.budusarana.lk/budusarana/2019/02/19/tmp.asp?ID=vision07

පින් පව් එනවා අපි පසු පස්සේ
” බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම වැනි ක්‍රියා වචනයෙන් සිදුවන අකුසල ක්‍රියා ලෙස හඳුනාගෙන සිටිය ද, වචනයෙන් එයටත් වඩා අපායගාමී අකුසල සිදුකර ගත හැකි අයුරු කෝකාලික හිමියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන් අවවාදයෙන් හෙළි වේ. යමෙකුට නින්දා කිරීම, අවමන් කිරීම, අගුණ ප්‍රකාශ කිරීම වරදක් ලෙස බුදුදහම දකියි. ආත්මාර්ථකාමී පටු සිතිවිලිවලින් තොරව, නිවැරැදිව පිළිවෙළට යමක් කළ යුතු ය. එසේ නොවුණහොත් එහි විපාක විඳීමට සිදුවන්නේ ද තමාට ම ය. වරද කළ ද, නීතියෙන් ගැළවිය හැකි වුවත්, තමා කළ වරදෙහි විපාකය සෙවනැල්ල සේ තමා පසුපස හඹා ඒම වැළැක්විය නොහැකි ය. “

තුන් ලොව සිටිනා සියලු ලෝක සත්වයන්ට දිය හැකි දහම් ඔවදන් :-

උපුටා ගැනීම ධම්ම පදයෙන්:-

  1. පුප්එ වර්ගය අංක 11, 12
    ( මල් උපමා කොට වදාළ කොටස්)

04.11.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති

අර්ථය:-
මල් සුවඳ උඩු සුළෙඟ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළෙඟ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළෙඟ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා.
(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

04.12.
චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ

අර්ථය:-
ඒ සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම්ද.
(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Vap Full Moon Poya Day To You And Your Family..!🌼
‘’Offend in neither word nor deed.. Eat with moderation.. Live in your heart.. Seek the highest consciousness.. Master yourself according to the law..’’ – Gautam Buddha ☸️
May Lord Buddha’s teachings inspire you to live a life of compassion.. kindness.. and love..🙏🏻
May you be blessed with the wisdom to lead a fulfilling life..💦💦💦
May the clouds of confusion shed away to let the sunlight of positivity and thoughtfulness enlighten your life..💦💦💦☸️🙏🌷🌕🙏☸️


Leave a Reply