October 9, 2024
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism )

☸️🙏🌷🌏☸️ “ BLESSED ESALA FULL MOON POYA DAY “ ☸️🙏🌷🌏🌷☸️ – 1st Of August 2023 ( Tuesday) 🌷🌷🌷🌷🌷

1st Of August 2023 ( Tuesday) 🌷🌷🌷

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

අධිෂ්ඨාන බලයෙන් තුන් ලොවම සුවපත් කිරීම :-
ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ හා පෙනෙන නොපෙනෙන බලශක්තීන් සිටියේ වී නම්,

බුද්ධානුභාවයේ, ධම්මානුභාවයේ හා සංඝානුභාවයේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ සිට මෙතුන්ලොව විනාශය කරා රැගෙන යන හා සමාජ විරෝධී ක්‍රියා කාරකම් කරන කරවන අධර්මිෂ්ඨයන්ට හා පෙනෙන නොපෙනෙන බලශක්තීන්ට, ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. එවැනි කාර්යයන් කරගෙන යාමට නොහැකි වන ආකාරයට සියලු කරුණු, කාරණා, කටයුතු සැලසේවා එයින් අධර්මිෂ්ඨයන් පාප කර්ම වලින් මිදී එමගින් තුන් ලොවම යහපත් වී සුවපත් වේවා! ,

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා,

ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏 ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ~ 2567 ව්‍යවහාර වර්ෂ 2023
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🙏🌍පසළොස්වක – අගෝස්තු 01 අඟහරුවාදා
අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.52 න් පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.01 න් ගෙවේ. අඟහරුවාදා සිල්🌍🙏☸️🌹

🌹☸️🙏🌍 ඇසල පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹

🌹☸️🙏🌍අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකායෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දීම පස්වග ශ‍්‍රමණවරු උන්වහන්සේ ගැන නොසැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ‍්‍රවණයට සූදානම් වූහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැගී ආ එ් සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහිදී අමා බෙරය වැයූ සේක.🌍🙏☸️🌹
🌹☸️🙏🌍අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම.🌎🙏☸️🌹

🌹☸️🙏🌍රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ගෝතම සමන බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට බණ දෙසීම 🌎🙏☸️🌹

🌹☸️🙏🌍තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෝතම සමන බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.🌎🙏☸️🌹

🌹☸️🙏🌍කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.🌍🙏☸️🌹

තුන් ලොව සිටිනා සියලු ලෝක සත්වයන්ට දිය හැකි දහම් ඔවදන් :-

උපුටා ගැනීම ධම්ම පදයෙන්:-
අප්පමාද වර්ගය අංක 10 :-
02.01.
අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා
අර්ථය :-
අප‍්‍රමාදීව සීල, සමාධි, ප‍්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප‍්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

02.02.
එ්තං විසේසතෝ ඤත්වා – අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති – අරියානං ගෝචරේ රතා
අර්ථය :-
අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප‍්‍රමාද අප‍්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. එ් නිසා ආර්යන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා. අප‍්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)

දහම් ලිපිය
උපුටා ගැනීම :-
බුදුසරණ: විශේෂාංග
වැරැදි හදාගෙන ඉදිරියට යමු
https://www.budusarana.lk/budusarana/2023/07/25/tmp.asp?ID=fea01

අප මේ සසරේ සැරිසරා ආ ගමන් මඟ පිළිබඳ දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. සත්වයා සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත් කර්ම විපාකවලට බඳුන්වන ආකාරයත්, තම තමන් අතින් වූ වැරැදි නිසා දුක් විඳින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක……………………………………

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Esala Full Moon Poya Day To You And Your Family..!🌼
“A mind unruffled by the vagaries of fortune, from sorrow freed, from defilements cleansed, from fear liberated — this is the greatest blessing..” – Gautam Buddha ☸️
It is a unique voyage where The Noble Triple Gem drive you from the unmistakable to the undetectable..
from the material to the heavenly..
from the fleeting to the everlasting..
💦💦💦
May the Buddha, Dhamma and Sanga blessings continue to fall down on you..💦
May the blessings of The Noble Triple Gem bring you endless happiness and success..
and guide you down the right road at all times..💦💦💦
The Lord Buddha’s teachings are the most effective means of discovering truth and wisdom..☸️
Let us seek Lord Buddha’s Teachings and Dhamma Lessons in order to live a happier and more enlightened existence..🙏🏻
May you discover your abilities and attain all of your objectives with The Power Of Lord Buddha..💦💦💦

15th of August 2021 -Sunday Lankadeepa Paper

https://www.magzter.com/LK/Wijeya-Newspapers-Ltd./Sunday-Lankadeepa/Newspaper/725033?utm_source=whatsapp&utm_medium=whatsapp_art_campaign&dt=

Leave a Reply