December 3, 2024
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism )

☸️🙏🌷🌕🌍🌼🙏☸️” Wishing a very Happy & Blessed Ill Full Moon Poya Day “☸️🙏🌷🌕🌍🌼🙏☸️-26th Of November 2023 ( Sunday) 🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹

26th Of November 2023 ( Sunday) 🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed ILL Full Moon Poya Day To You And Your Family..!🌼☸️🙏🌷🌍☸️
“Our life is shaped by our mind. We become what we think. Joy follows a pure thought like a shadow that never leaves.” – Gautam Buddha ☸️
May All Beings Have Happy Minds..

Through the power of all the Buddhas.. the power of all the Dhamma.. the power
of all the Sangha.. the power of the Triple Gem.. —The gem of the Buddha.. The gem of the Dhamma.. The gem of the Sangha.. — The power of the 84,000
Dhamma aggregates.. The power of the Tripitaka.. The power of the Victor’s disciples..🙏🏻🙏🏻🙏🏻

May all your diseases.. all your fears.. all your obstacles.. all your dangers.. all your bad visions.. all your bad omens.. be destroyed..💦💦💦
May there always be an increase of long life.. wealth.. glory.. status.. strength.. beauty.. and happiness..☸️🙏🌷🌕🌍☸️
Saman Rathnathilake 💦💦💦

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින්, ඔවුන් විසින් උපයා සපයා ගත් මුදල් අන්‍යයන්ට වද හිංසා පීඩා කරමින් දරු පවුල් විනාශ කිරීමට ආයෝජනය කරන්නේ වී නම්, ත්‍රිවේදයේ අයහපත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරමින් අන්‍ය දරු පවුල් විනාශ කිරීමට කටයුතු කරන්නේ වී නම්, මෙසේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ සිටියේ වී නම්, අනන්ත වූ බුදු ගුණයන්හි සත්‍යානුභාවයෙන් හා බුද්ධානුභාවයෙන්, ධර්මානුභාවයෙන් හා සංඝානුභාවේයේ සත්‍යානුභාවයෙන් ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. ධම්ම පදය පාප වග්ගය ප්‍රකාර :-
09.10.
යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති – සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං – සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ
අර්ථය :-
කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කව්රුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.
(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා.

එමගින් තුන් ලොවම යහපත් වේවා, සුවපත් වී ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ~ 2567 ව්‍යවහාර වර්ෂ 2023.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🙏🌍 පසළොස්වක – නොවැම්බර් 26 ඉරිදා
නොවැ. 26 ඉරිදා අ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.46 න් ගෙවේ. ඉරිදා සිල් 🌍🙏☸️🌹

🌹☸️🙏🌍 ඉල් පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹

🌹☸️🙏🌍බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු වස් වැසීම ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන්, අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස වස්‌ අවසන් වූ පසු උන්වහන්සේලා ඇමතූ ගෝතම සමන තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ,
“චරථ භික්‌ඛවේ චාරිකං, බහුජන හිතාය,
බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,හිතාය, සුඛාය දේව මනුස්‌සානං, යනුවෙන් මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න, යි වදාළ සේක. තවද එකම මඟක දෙනමක්‌ නොවඩින්නයි” වදාළ උන්වහන්සේ වස්‌ පවාරණයෙන් පසු උදා වූ ඉල් පොහෝ දා එම රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කර යවා තමන් වහන්සේ උරුවෙල් දනව්ව කරා වැඩම කළ සේක.🌍🙏☸️🌹

🌹☸️🙏🌍බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම.
උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යපත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යපත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යපත් පෙළහර දැක්වීමෙන් දමනය කර – ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙනා පැවිදි බවට පත් කළසේක. මෙම මහා පිරිස ගෝතම සමන බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ආදිත්ත පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද ඉල් පුර පොහොය දිනක දීය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම.🌍🙏☸️🌹

🌹☸️🙏🌍සැරියුත් හිමියන් තමන්ගේ ආයු කාලය අවසන් වී ඇති බව වටහාගෙන පිරිනිවන් පෑම සඳහා බුදුපියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා – ලද අවසරයෙන් අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑවේ ද ඉල් පසලොස්වක පෝය දිනයකදීය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මගඵල ලැබුවේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනකය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍ගෝතම සමන බුදුරජාණන් වහන්සේගේ කාලපරිච්ඡේදයෙහි සම්බුද්ධ ශාසනයෙහි වගකිව යුතු උත්තමයකු වූ සැරියුත් මහ රහතන් වහන්සේ ඉතා ගුණවත් උතුමෙකි. සැරියුත් මහරහතන් වහන්සේට චුන්ද, උපසේන, රේවත යයි සහෝදරයන් තුන් දෙනෙක්‌ හා චාලා, උප චාලා, සිසුපචාලා යන සහෝදරියන් තිදෙනෙක්‌ ද සිටියහ. ඔවුහු භික්‍ෂු ශාසනයෙහි හා භික්‍ෂුණී ශාසනයෙහි පැවිදිව තම ජීවිත වාසනාවන්ත කරගත් අතර සම්බුදු සසුනෙහි උන්නතියට මහඟු සේවයක්‌ ඉෂ්ඨ සිද්ධ කළ සේක. එහෙත් සැරියුත් මාතාව “රූපසාරී බැමිණිය” මිසදිටු තැනැත්තියකි. ඇයද බෞද්ධ උපාසිකාවක්‌ බවට පත් කළාය. සැරියුත් මහ රහතන් වහන්සේ සිය නිවසේ දී පිරිනිවන් පා වදාළසේක.! 🌍🙏☸️🌹

🌹☸️🙏🌍පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.🌍🙏☸️🌹

තුන් ලොව සිටිනා සියලු ලෝක සත්වයන්ට දිය හැකි දහම් ඔවදන් :-

උපුටා ගැනීම :-
වීදාගම මෛත්‍රීය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකිනි.
කාව්‍ය අංක 37,38 හා 40.
37.
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උප දේසේ
නුදුන මැනවි තුන්දොර අව කාසේ

“අකුසල කර්ම කරන කල්හි ඉතා මිහිරි පැණිමෙන් වුවත් එහි විපාක විඳින කල්හි දුක් ගිනිදැල් මෙන් දැඩි වන්නේය. එම පව් දුරුකරන උපදෙස් දැන හැඳින සිත කය වචනය යන තුන්දොර පාපයට අවකාශ නොදෙනු මැනවි.”
38.
අදමින් ජීවත් වෙනවා විතරට
දැහැමින් මිය යනු සොඳමයි දනහට
මෙලෙසින් වදහල මුනිබණ සිහිකොට
සැබැවින් පින්කොට පැමිණෙව් නිවනට

“අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධාර්මිෂ්ටව මිය යෑම සත්වයාට යහපත් වන්නේය. මේ ආකාරයෙන් දේශනාකරන ලද්දා වූ බුද්ධ ධර්මය මෙනෙහි කොට ඇත්ත වශයෙන්ම පින්රැස්කර නිර්වානයට පැමිණෙන්න.”
40.
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
සැපයක් නම් නැත මේ රස කෙළියේ

“ලිපෙහි ගිනි මොලවන තුරු වතුර හැලිය තුල සැපයක්ය සිතා ජල ක්‍රීඩා කරන කකුළුවා මෙන් කිසිම පැකිලීමකින් තොරව ඒ පුවත තරම්වත් නොසිතන්නේද. එමෙන්ම කම්සැප විඳී මෙහි කිසිම රසයක් නැත. “

දහම් ලිපිය :-
“පින්, පව් හා කුසල් අතර ගැඹුරු වෙනසක් පවතිනවා”
“පින්, පව් යන්න උදාහරණයකින් පැහැදිලි කරගතහොත් යමෙකු බෑගයකට මැණික් සහ ගල් එකතු කරනවා වගේ. පුද්ගලයෙක් කාලයක් ගල් එකතු කරලා පසුව මැණික් එකතු කළොත් මැණික් වැඩි වුණා කියලා, ගල් නැති වෙන්නෙ නැහැ. එලෙසම ගල් වැඩිවුණා කියලා මැණික් නැතිවෙන්නෙත් නැහැ. ඒ අනුව පින් නිසා පව් ද පව් නිසා පින් ද නැති වෙන්නෙ නැහැ. පවටත්, පිනටත් විපාක උරුම වෙනවා. කයින් සිදුකරන පින් පව් වලට විපාක කයටම හිමිවෙනවා”

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
සංස්කෘත අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.
උපුටා ගැනීම :-

https://www.budusarana.lk/budusarana/2012/02/14/tmp.asp?ID=vision04

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

දුක්ඛේ ඤාණං බුද්ධ ඤාණං
දුක්ඛ සමුදයේ ඤාණං බුද්ධ
ඤාණං
දුක්ඛ නිරෝධෙ ඤාණං බුද්ධ ඤාණං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං බුද්ධ
ඤාණං
අත්ථ පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
ධම්ම පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
නිරුත්ති පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
පටිභාන පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
ඉන්ද්‍රිය පරෝ පරියන්තේ ඤාණං බුද්ධ ඤාණං
ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං
යමක පාටිහාරියේ ඤාණං බුද්ධ ඤාණං
මහා කරුණා සමාපත්තියා ඤාණං බුද්ධ ඤාණං
සබ්බඤ්ඤූත ඤාණං බුද්ධ ඤාණං
අනාවරණ ඤාණං බුද්ධ ඤාණං

ඉමේහි බුද්ධ ඤාණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි “ ☸️🙏🌷🌍🙏🌷☸️

Leave a Reply