19th Of AUGUST 2024 ( Monday) 🌼🌼🌸🌸🌷🌷🌼🌼



Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Nikini Full Moon Poya Day To You And Your Family..!🌼
“A mind unruffled by the vagaries of fortune.. from sorrow freed.. from defilements cleansed.. from fear liberated.. this is the greatest blessing..” – Gautam Buddha ☸️
I wish that you may find rays of hope and your life is enlightened by the divine grace of Lord Buddha..🌟✨
May the wondrous Dhamma permeate your lives..💦
Warding off all unlucky stars, yakkhas, bhūtas, and evil planets, by the power of this Dhamma may all their adversities end..💦
May you be surrounded by the loving presence of the Sangha and find joy in their company..💦
May you swim in the depths of spiritual awakening..💦
May this day bring you closer to the truth and the realization of your highest self..💦
May this Nikini Poya Day mark the beginning of a journey towards self-realization and enlightenment..☸️🙏🏻🌼🌷🌸🌏🙏☸️
Saman Rathnathilake

















☸️🌹☸️🌏🙏🙏ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වු නිකිණි පුර පසලොස්වක නම් වූ තිථියලත් සඳු දින හෙවත් ක්‍රි. ව : ව්‍යවාහාර වර්ෂයෙන් 2024 ක් වු අගෝස්තු මස 19 වෙනි සඳුදා ~.
🙏🙏🙏🌏☸️🌹☸️
නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹
🌹☸️🙏🌍 නිකිණි පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹
🌹☸️🙏🌍ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍රාහුල තෙරනුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්වේ.
මෙතැන් සිට මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පනවා ඇත.නිකිණි පුන් පොහොය වස්සාන සමයෙහි ආරම්භයයි.🌍🙏☸️🌹
🌹☸️🙏🌍බුදුරදුන්ගේ ලළාට ධාතු නිධන්කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදුවිය. 🌍🙏☸️🌹
🌹☸️🙏🌍එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පෝයත් සමඟය. 🌍🙏☸️🌹
අපාය පිළිබඳ බෞද්ධ සංකල්ප
උපුටා ගැනීම :-
“අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි”
අටමහ නිරය:-
නිරය ප්‍රධාන කොටස් අටකට බෙදා ඇත.ඒවානම් සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,
මහා රෞරවය,තාපය,ප්‍රතාපය,අවීචිය යන්නයි.
නිරය හෙවත් නරකය සඳහා පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.
සංජීව නරකය : යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.
කාලසුත්‍ර නරකය : මෙහි උපන් සත්වයන් ගිනියම් වූ යම පොළොවේ පෙරළා, දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළවුන් එහි දුක් විඳින්නා හ.
සංඝාත නරකය : මේ නිරයේ සත්වයන් නව යොදුන් ඝනකම පොළොවෙ හි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුඟුරන්නාක් මෙන් මහ හඬ නංවමින් එරී සිටින නිරි සතුන් අඹරමින් පර්වතයෝ ඒ මේ අත පෙරළෙති. ඒවාට යට වී සත්වයෝ සුණු විසුණු වෙති. ඇත්, අස්, ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ කරන්නෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.
රෞරව නරකය : මේ නිරයෙහි සත්වයන්ගේ ශරීර තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරි සතුන් ගේ හඬ නිරතුරුව එහි ඇසෙන බැවින් එම නරකයට රෞරව නරකය යැ යි කියනු ලැබේ.
මහා රෞරව නරකය : අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන් ගේ නිරන්තරයෙන් පවත්නා මහ හඬ ඇති නිසා ද නිරි සතුන් ගේ ශරීර වලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකය මහා රෞරව නම් වේ. තුණුරුවනට අයත් වූ ද මාපියනට අයත් වූ ද වස්තුව පැහැර ගන්නෝ ද විනාශ කළ අය එහි උපදිති.
තාප නරකය : මේ නිරයේ යම පල්ලන් විසින් ගිනියම් වූ පොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳිති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන් ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපදිති.
ප්‍රතාප නරකය : මෙහි ද තාප නරකයෙහි නිරි සතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති. මරණින් මතු ඉපදීමක් නැතැයි කියා මිත්‍යා දෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.
අවීචි මහ නරකය : මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ.
මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.
ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.
ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා
🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹
සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹




