March 22, 2025
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism )

☸️🙏🌷🙏🌼☸️“Happy & Blessed ESALA FULL MOON POYA DAY “☸️ “NAMO BUDDHAYA “ ☸️🙏🌼🙏🌷🙏☸️ – 20th OF July 2024 ( Saturday) 🌼🌼🌷🌷🌸🌸🌹🌹

20th OF July 2024 ( Saturday) 🌼🌼🌷🌷🌸🌸🌹🌹

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Adhi Esala Full Moon Poya Day To You And Your Family..!🌼
“We are what we think..
All that we are arises with our thoughts..
With our thoughts, we make the world..” – Gautam Buddha – ☸️
May The Blessings Of The Triple Gem Enrich Your Life, Purify Your Mind And Bring A Permanent End To Suffering..💦
I wish that you may find rays of hope and your life is enlightened by the divine grace of Lord Buddha..🙏🏻
May the light of Buddha’s wisdom shine upon you and guide you towards a life of virtue and inner peace..💦💦💦
May the teachings of Buddha inspire you to let go of the past and embrace a future filled with love, joy, and inner peace..💦💦💦
May the teachings of compassion and kindness guide you today and always..☸️🌹🙏🌕🌸🌼🙏🌷☸️💦💦💦

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

අධිෂ්ඨාන බලයෙන් තුන් ලොවම සුවපත් කිරීම :-
ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ හා පෙනෙන නොපෙනෙන බලශක්තීන් සිටියේ වී නම්,

බුද්ධානුභාවයේ, ධම්මානුභාවයේ හා සංඝානුභාවයේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ සිට මෙතුන්ලොව විනාශය කරා රැගෙන යන හා සමාජ විරෝධී ක්‍රියා කාරකම් කරන කරවන අධර්මිෂ්ඨයන්ට හා පෙනෙන නොපෙනෙන බලශක්තීන්ට, ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. එවැනි කාර්යයන් කරගෙන යාමට නොහැකි වන ආකාරයට සියලු කරුණු, කාරණා, කටයුතු සැලසේවා එයින් අධර්මිෂ්ඨයන් පාප කර්ම වලින් මිදී එමගින් තුන් ලොවම යහපත් වී සුවපත් වේවා! ,

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා,

ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

☸️🙏🌹🌏🌼☸️ ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වු ඇසළ පුර පසලොස්වක නම් තිථීයලත් ශනි දින හෙවත් ක්‍රි.ව : ව්‍යවාහර වර්ෂයෙන් 2024 ක් වු ජුලි මස 20 වෙනි සෙනසුරාදා☸️🙏🌏🌹🌼🙏☸️

🌹☸️🙏🌍 ඇසල පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹
.
🌹☸️🙏🌍අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම.🌎🙏☸️🌹

🌹☸️🙏🌍රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ගෝතම සමන බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට බණ දෙසීම 🌎🙏☸️🌹

🌹☸️🙏🌍තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෝතම සමන බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.🌎🙏☸️🌹

🌹☸️🙏🌍කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දිනකයි.🌎🙏☸️🌹

🌹☸️🙏🌍බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.🌍🙏☸️🌹

තුන් ලොව සිටිනා සියලු ලෝක සත්වයන්ට දිය හැකි දහම් ඔවදන් :-

උපුටා ගැනීම ධම්ම පදයෙන්:-
දණ්ඩ වර්ගය අංක 10 :-

10.07.
යථා දණ්ඬේන ගෝපාලෝ – ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං
අර්ථය :-
ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී – හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් එ් විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.
(පූර්වාරාමයේදී පොහෝ දින සිල් ගැනීම අරභයා වදාළ ගාථාවකි ෴)

10.08.
අථ පාපානි කම්මානි – කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඞ්ඪෝ’ව තප්පති
අර්ථය :-
අඥාන පුද්ගලයා කොච්චර පව් කෙරුවත්, ඒකෙ බරපතලකම තේරුම් ගන්නෙ නෑ. අන්තිමේදී ඒ ප‍්‍රඥා රහිත පුද්ගලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාක වලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.
(වේළුවනාරාමයේදී අජඝර පේ‍්‍රතයා අරභයා වදාළ ගාථාවකි ෴)

දහම් ලිපිය
උපුටා ගැනීම (කතුවැකිය) :-
https://www.budusarana.lk/budusarana/2023/06/26/main_editorial.asp
මාතෘකාව : දෙලොව යහපත පිණිස
අපිරිසුදු ජල බඳුනකට පිරිසුදු ජලය වත් කළේ නම් ඒ ජලය ද අපවිත්‍ර වන්නේ ය. ඒ, අපවිත්‍ර බඳුන ස්පර්ශ වීම නිසා ය. ජලය වත් කිරීමට පළමුව බඳුනේ පවිත්‍රබව පිළිබඳ අවධානයට ගත යුතු එහෙයිනි. එවිට පසුවට කරදර වන්නට හෝ දුකට අපහසුතාවට පත්වන්නට සිදු නොවේ. මේ සාමාන්‍ය දැනීම කුඩා දරුවකුට වුව පවතී. එහෙයින් නොදැකීම නිසා මිස අපවිත්‍ර බඳුනකට පිරිසුදු ජලය වත්කර ගන්නේ නැත…………………….
…………………………………………………..

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

Leave a Reply