December 3, 2024
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism ) Uncategorized

☸️🙏🌼🌷🙏☸️ “ Have Blessed UDUVAP POOYA DAY “ ☸️🌸🌷🙏☸️ – 26th Of December 2023 ( Tuesday) 🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸

26th Of December 2023 ( Tuesday) 🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගොතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින්, ඔවුන් විසින් උපයා සපයා ගත් මුදල් අන්‍යයන්ට වද හිංසා පීඩා කරමින් දරු පවුල් විනාශ කිරීමට ආයෝජනය කරන්නේ වී නම්, ත්‍රිවේදයේ අයහපත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරමින් අන්‍ය දරු පවුල් විනාශ කිරීමට කටයුතු කරන්නේ වී නම්, මෙසේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ සිටියේ වී නම්, අනන්ත වූ බුදු ගුණයන්හි සත්‍යානුභාවයෙන් හා බුද්ධානුභාවයෙන්, ධර්මානුභාවයෙන් හා සංඝානුභාවේයේ සත්‍යානුභාවයෙන් ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. ධම්ම පදය පාප වග්ගය ප්‍රකාර :-
09.10.
යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති – සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං – සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ
අර්ථය :-
කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කව්රුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.
(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා.

එමගින් තුන් ලොවම යහපත් වේවා, සුවපත් වී ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ~ 2567 ව්‍යවහාර වර්ෂ 2023.
🙏🙏🙏🌏☸️🌹

පසළොස්වක – දෙසැම්බර් 26 අඟහරුවාදා
දෙසැ. 26 අඟහරුවාදා පූ.භා. 05.47 න් පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.02 න් ගෙවේ. අඟහරුවාදා සිල්

🌹☸️🙏🌍 උඳුවප් පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹

🌹☸️🙏🌍සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ උත්තරා, හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, ද්‍රසිකා, එෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහා දේවී, පදුමා, හෙමාසා, උන්නලා, අඤජලී, සුමා යන භික්ෂූනීන් වහන්සේලා ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ විය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍මෙහෙණි සස්න පිහිටුවීමද සිදුවූ‍ෙය් උඳුවප් පොහොය දිනයේදීය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි. ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට (වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී.🌍🙏☸️🌹

තුන් ලොව සිටිනා සියලු ලෝක සත්වයන්ට දිය හැකි දහම් ඔවදන් :-

උපුටා ගැනීම ධම්ම පදය
බාල වග්ගය
බාලයා ගැන වදාළ කොටස
05.07.
චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං
ප‍්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.
(වේළුවනයේදී සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අරභයා වදාළ ගාථාවකි ෴)
05.10.
මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති
පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.
(ජේතවනාරාමයේදී නන්ද මාණවකයා අරභයා වදාළ ගාථාවකි ෴)

දහම් ලිපි
උපුටා ගැනීම
https://www.budusarana.lk/budusarana/2021/01/06/tmp.asp?ID=vision02

කළු ධර්ම හා සුදු ධර්ම
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය උඩුහාවර ආනන්ද හිමි

“පවට දක්වන ලජ්ජාව හා බිය මනාසික දියුණුවේ ප්‍රතිඵලයකි. එසේම නීරෝගී මනසක් සහිත පුද්ගලයා හඳුනාගැනීමට එමඟින් පහසු වේ. වැරැදි කිරීමට පෙර තමා ගැන සිතීමෙන් ලජ්ජාවත්, ලෝකය ගැන සිතීමෙන් බියත් ඇතිකරගත යුතු වේ.”

දහම් ලිපි
උපුටා ගැනීම
මහා මේඝ
20/11/2019
ඔබේ දහම් ගැටළුව:-
පින්වත් ස්වාමීන් වහන්ස, අනුන්ට අණවින කොඩිවින ආදියෙන් පීඩා කිරීමේ ආදීනව පහදා දෙන්න.
https://mahamegha.lk/2019/11/20/anavina-kodivina-wala-adinawa/

නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාට වදාළේ තමන් අන් අයට සිදුකරන ආකාරයට ම පෙරළා තමාට ද විපාක විඳීමට සිදුවන බවයි. එනම් අන් කෙනෙකු ජලයේ ගිල්වා මැරුවහොත් තමාට ද ජලයේ ගිලී මිය යෑමට සිදුවන බවයි. තව කෙනෙකුට වස දුන්නහොත් තමාට ද වස කැවී මරණයට පත් වීමට සිදුවන බවයි. එම නිසා අණවින-කොඩිවින කරන අයට සිදුවන්නේ ද අන් අයගේ අණවින කොඩිවිනවලට හසු වී පීඩාවට පත් වීමට සිදු වීම ය. එමෙන් ම මරණින් මතු දුගතිගාමී වී බලවත් දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වේ. එම නිසා කිසිකලෙකත් අණවින-කොඩිවින කිරීමට හෝ ඒවාට අනුබල දීම නොකළ යුතු ම යි.
ඔබ මනා කොට තිසරණයේ පිහිටා සිල් ගුණදම් රකිමින් නිතර රතන සූත්‍රය, ආලවක සූත්‍රය, ඛන්ධ පිරිත, අංගුලිමාල පිරිත ආදී පිරිත් සජ්ඣායනා කරන්න. හැකි නම් ස්වර්ණමාලී සෑ රජුන්ට ජීවිතය පූජා කර සෑ මළුවේ දී ආටානාටිය සූත්‍රය සජ්ඣායනා කරන්න. නිතර බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව වඩන්න. එවිට පීඩා කරදර මඟහැරී යාවි.

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Uduvap Full Moon Poya Day To You And Your Family..!🌼

“What we are today comes from our thoughts of yesterday, and our present thoughts build our life of tomorrow.. Our life is the creation of our mind..” – Gautam Buddha ☸️

May all beings be healed of their difficulties..🙏🏻
May all beings cultivate the courage and the capacity to leave the tender kindness and compassion of their heart exposed..💦💦💦
May all beings be strengthened and supported as they walk the path of recovery towards enlightenment..💦💦💦
May The Blessings Of The Triple Gem Enrich Your Life.. Purify Your Mind.. And Bring A Permanent End To Sufferings..☸️🙏🌷🙏☸️
Saman Rathnathilake

Leave a Reply