January 17, 2025
SRI LANKA | INDIA
Lord Buddha ( buddhism )

☸️🙏🌼🙏☸️ “ A Happy And Blessed Binara Full Moon Poya Day “ ☸️🙏🌷🙏☸️- 29th Of September 2023 ( Friday) 🌼🌼🌼🌼

29th Of September 2023 ( Friday) 🌼🌼🌼🌼

Have A Blessings Filled Day Ahead..💦
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Binara Full Moon Poya Day To You And Your Family..!🌼
“One moment can change a day, one day can change a life, and one life can change the world…”- Gautam Buddha..☸️
Like a beautiful flower full of color and also fragrant, even so, fruitful are the fair words of one who practices them…- Dhammapada
🌸🪷🌷🌹🪻🌺🌻
By the power of The Noble Triple Gem Truthfulness and Virtues; Patience and Loving-kindness..
May The Noble Triple Gem be a shield around you..💦💦💦
May all your diseases..
all your fears.. all your obstacles..
all your dangers.. all your bad visions.. all your bad omens be destroyed by The Noble Triple Gem..🙏🏻
May all misfortunes be avoided..
May all sickness be healed..
May there be no dangers to you..
May you live long and happily..☸️🙏🌷🙏☸️
Saman Rathnathilake 💦💦💦

නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.

ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින්, ඔවුන් විසින් උපයා සපයා ගත් මුදල් අන්‍යයන්ට වද හිංසා පීඩා කරමින් දරු පවුල් විනාශ කිරීමට ආයෝජනය කරන්නේ වී නම්, ත්‍රිවේදයේ අයහපත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරමින් අන්‍ය දරු පවුල් විනාශ කිරීමට කටයුතු කරන්නේ වී නම්, මෙසේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ සිටියේ වී නම්, අනන්ත වූ බුදු ගුණයන්හි සත්‍යානුභාවයෙන් හා බුද්ධානුභාවයෙන්, ධර්මානුභාවයෙන් හා සංඝානුභාවේයේ සත්‍යානුභාවයෙන් ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. ධම්ම පදය පාප වග්ගය ප්‍රකාර :-
09.10.
යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති – සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං – සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ
අර්ථය :-
කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කව්රුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනව වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.
(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි ෴)

අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා.

එමගින් තුන් ලොවම යහපත් වේවා, සුවපත් වී ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹

🌹☸️🌏🙏🙏🙏ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ~ 2567 ව්‍යවහාර වර්ෂ 2023.
🙏🙏🙏🌏☸️🌹

පසළොස්වක – සැප්තැම්බර් 29 සිකුරාදා
සැප්. 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.49 න් පසළොස්වක ලබා 29 සිකුරාදා අ.භා. 03.27 න් ගෙවේ. සිකුරාදා සිල්
🌹☸️🙏🌍 බිනර පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌍🙏☸️🌹

🌹☸️🙏🌍කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍අප ලොව්තුරා ගෝතම සමන බුදු රජාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය. මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍“තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ “කේශ ධාතු” තැන්පත් කරනලද “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහනයේදී ඇවිලෙන සඳුන් දර සෑයෙන් බුද්ධ ග‍්‍රීවා ධාතුන් වහන්සේ සරභූ නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලදුව ලක්දිව ප‍්‍රථම ස්තූප වහන්සේ ලෙස සැලකෙන මියුගුණ සෑයෙහි තැන්පත් කළ බව කියැවේ. එම මහියංගණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්ලය යෙදී ඇත්තේ ද බිනර පෝය දිනයටය.🌍🙏☸️🌹

🌹☸️🙏🌍එසේම දසවන වස්සානයේදී භික්ෂූන් වහන්සේ දෙපිරිසක් අතර සිදු වූ විවාදයක් නිසා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කොට එහි ගතකළ සේක. එසමයෙහි උන්වහන්සේට ඇතෙකු හා වඳුරෙකු උපස්ථාන කළ සේක. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍රජගහනුවර දී විසිවන වස්සානය ගත කළ කාලයෙහි අංගුලිමාල දමනය සිදුවිය. 🌍🙏☸️🌹

🌹☸️🙏🌍 ගෝතම සමන බුදු රජාණන් වහන්සේ පහළ වූ කාල පරිච්ඡේදයේ සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් අනිවාර්යයෙන්ම දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව නියතය. 🌍🙏☸️🌹

බෞද්ධ සංකල්ප
උපුටා ගැනීම :-
“අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි”

“බුද්ධ රත්නය”
ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.
ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට හිම සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.
බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප්‍ර‍මාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.

ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක.
උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. උන් වහන්සේට දිය, ගිනි, සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත.

නියතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍ර‍යන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.

නමෝ බුද්ධාය

ප්‍රාර්ථනා :-
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)”
“නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.)
මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා

🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹

සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹

Leave a Reply