10th Of June 2025 ( Tuesday ) 🌼🌹🌷🌷🌷🌷🌹🌹🌹






Have A Blessings Filled Day Ahead..🙏🏻
Sending Blessings Your Way From The Noble Triple Gem For A Happy And Blessed Poson Full Moon Poya Day To You And Your Family..🌼
‘’All experiences are preceded by mind, having mind as their master, created by mind..’’
Gautam Buddha ☸️
Wishing you inner strength to overcome obstacles.. and embrace change, just as Lord Buddha did..🙏🏻
May the full moon of this Poson Full Moon Day take away the darkness of ignorance.. bigotry.. and hatred and herald.. an era of contentment.. peace.. and enlightenment for the world..💦💦💦
May peace be with you on this light-filled day of celebration..☸️🙏🌷🌕🌎🌼☸️
Saman Rathnathilake 💦💦💦
නමෝ බුද්ධාය
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹
🌹☸️🌏🙏🙏🙏ගෝතම සමන බුදු රජාණන් වහන්සේගේ සදහම් සිසිලේ බෙලෙන් ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් ධර්මිෂ්ඨව දිවිගෙවන සියල්ලන්ටම බලපාන මෙම රුදුරු මාරාන්තික වසංගත රෝග බිය දුරු වේවා, නිදුක් නිරෝගි භාවයෙන් සපිරි දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා, දරු පවුල් පෝෂණය කිරීමට හා ජීවත් වීමට ප්‍රමාණවත් ධන ධාන්‍ය සම්පත් ලැබේවා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා. මෙම ආත්මභාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.
අධිෂ්ඨාන බලයෙන් තුන් ලොවම සුවපත් කිරීම :-
ඕනෑම දේශයක, ද්වීපයක, ජාතියක, කුලයක හා ඔනෑම ආගමක් දහමක් අදහමින් අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ හා පෙනෙන නොපෙනෙන බලශක්තීන් සිටියේ වී නම්,
බුද්ධානුභාවයේ, ධම්මානුභාවයේ හා සංඝානුභාවයේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ සිට මෙතුන්ලොව විනාශය කරා රැගෙන යන හා සමාජ විරෝධී ක්‍රියා කාරකම් කරන කරවන අධර්මිෂ්ඨයන්ට හා පෙනෙන නොපෙනෙන බලශක්තීන්ට, ඔවුන්ගේ කයින්, සිතින් හා වචනෙන් මෙතුන්ලොවට වන විනාශකාරී ක්‍රියා දාමයන් හා අකුසල කර්ම නැවත ඉර හඳ පවතින තුරාවට මතු නොවන සේ හිරුදුටු පිනි මෙන් විද්වංසනය වේවා. එවැනි කාර්යයන් කරගෙන යාමට නොහැකි වන ආකාරයට සියලු කරුණු, කාරණා, කටයුතු සැලසේවා එයින් අධර්මිෂ්ඨයන් පාප කර්ම වලින් මිදී එමගින් තුන් ලොවම යහපත් වී සුවපත් වේවා! ,
අවසානයේ අධර්මිෂ්ඨව වෙසෙන සත්වයෝ ද ධර්මිෂ්ඨ වී නිදුක් වේවා, නීරෝගී වේවා,සුවපත් වේවා, දුකෙන් මිදෙත්වා, නිවන් මාර්ගය එලි පෙහෙළි වේවා,
ධර්මිෂ්ඨව වෙසෙන සත්වයනට බියක් සැකක් නැතුව ජීවත් වීමට හා සැනසීමෙන් ඔවුන්ගේ ආගමක් දහමක් අදහා ගෙන, දැහැමින් මුදල් උපයාගෙන දිවි ගෙවීමට කාරනා කටයුතු සැලසේවා.
🙏🙏🙏🌏☸️🌹
🌹☸️🙏🌍සියලු ලෝක වාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ පිලිපදමින් ස්වකීය අප ජීවිත ආලෝකමත් කර ගැනීමට අදිටන් කර ගනිමු.🌍🙏☸️🌹
🌹☸️🙏🌍පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ
සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි🌍🙏☸️🌹:-
🌹☸️🙏🌍සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි.🌍🙏☸️🌹
🌹☸️🙏🌍බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොෙහාතක මහරහත් ඵලයට පත් වූහ.🌍🙏☸️🌹
🌹☸️🙏🌍සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.🌍🙏☸️🌹
1.කාෂ්මීර ගන්ධාර දේශය
- මහිස මණ්ඩලය
- වනවාසී දේශය
- අපරත්ත දේශය
- මහරට්ඨය
- යෝනය රට්ඨය
- හිමවන්ත ප්‍රදේශය.
- ස්වර්ණභූමිය
- තම්භපණ්නී ද්වීපය
🌹☸️🙏🌍මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාද්වීපය පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය,උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.🌍🙏☸️🌹
🌹☸️🙏🌍තිස්ස තිස්ස යනුවෙන් තම නම ආමන්ත්‍රණය කිරීමට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්:-
සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක.🌍🙏☸️🌹
🌹☸️🙏🌍මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.🌍🙏☸️🌹
🌹☸️🙏🌍සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.🌍🙏☸️🌹
🌹☸️🙏🌍තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.🌍🙏☸️🌹
🌹☸️🙏🌍පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් මා ප්‍රාර්ථනා කරමි. 🌍🙏☸️🌹
🌹☸️🙏🌍බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.🌍🙏☸️🌹
🌹☸️🙏🌍දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.🌍🙏☸️🌹
🌹☸️🙏🌍බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොෙහාතක මහරහත් ඵලයට පත් වූහ. 🌍🙏☸️🌹
🌹☸️🙏🌍මහමෙව්නා උයන සම්බුද්ධ ශාසනයට පූජා කිරීම. 🌍🙏☸️🌹
🌹☸️🙏🌍නමෝ බුද්ධාය🌍🙏☸️🌹
ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා
සම්මා සම්බුදු සරණයි.///
🌹☸️🌏🙏🙏🙏🌏☸️🌹





Samana mayan mahaa raaja Damma rajassa saawakaa Thamewa anukampaaya Jambudhweepa Idhaa gathaa…. – Arhat Mahinda ☸️ Happy, peaceful and meaningful Poson Poya Day..🌼 Wishing that teaching of the Buddha guides you and blesses you with peace..☸️🙏🌷🌎🌹🙏☸️














